Results for අංක ගණිතය

කුලක (Sets)

March 10, 2015


පහත දැක්වෙන සමුහ පිළිබද නිරීක්ෂනය කරන්න,
  • 1. ඔබේ පන්තියේ දක්ෂ ළමයි
  • 2. ශ්‍රීලංකාවේ දුප්පතුත්
  • 3. ලස්සන පක්ෂීන්
ආදී සමූහයන් ගේ සාමාජිකයින් නිසැකව නිගමනය කළ නොහැක නමුත්
පහත සමූහයන් නීරීක්ෂණය කරමු.
  • 1. ඔබේ පාසලලේ ළමයි
  • 2. 0 වැඩි අඩු ඔත්තේ සංඛ්‍යා
  • 3. පාද 10ට අඩු බහු අස්‍ර
 ආදී සමුහයන්ගේ සාමාජිකයන් නිසැකවම නිගමනය කළ හැක.
 සාමාජිකයන් නිසැකවම කිවහැකි සමුහයක් කුළක වේ
  • කුළකයක සාමාජිකයන් එහි අවයව වේ.
  • කුළකයක අවයව ප්‍රමාණය එහි අනේකත්වය වේ (n සංකේතවත් වේ)
 බල්ලා අවයවයකි සිව්පා සතුන් කුලකයේ,
  •  බල්ලා ∈ සිව්පා සතුන් කුලකයේ
 නරියා අවයවයක් නොවේ පක්ෂීන් කුලකයේ,
  •  නරියා  පක්ෂීන් කුලකයේ
"අවයවයකි (∈) අවයවයක් නොවේ( ) යන්න සංකේතවත් කරයි."

 කුලක ලිවීමේ අංකන ක්‍රම 04කි.
උදාඃ 1-10 තෙක් පූර්ණ සංඛ්‍යා කුලකය A නම්, ( අවවාදයයි! 1 සිට 10 තෙක් යනු 1ත් 10ත් ඇතුළත් වේ නමුත් 1 ත් 10ත් අතර යැයි ප්‍රකාශකළවිට 1ත් 10ත් ඇතුළත් නොවන බව මතක තියාගන්න.)

(1) සගල වරහන් තුල කුලකය විස්තර කර ලිවීම.
A={1-10 තෙක් පූර්ණ සංඛ්‍යා}
(2)සගල වරහන් තුළ අවයව ලියා දැක්වීම.
A={1,2,3,4,5,6,7,8,9,10}
(3)ජනන ස්වරූපයෙන් දැක්වීම. (සංඛ්‍යාත්මක කුලක දැක්වීමට )
A={x:1≤x≤10,x යනු පූර්ණ සංඛ්‍යාවකි }
(4)වෙන් රූපයකින් දැක්වීම.

[1]පරිමිත කුලක
අවයව ප්‍රමානය නිශ්චිතව ප්‍රකාශකළ හැකි කුලක වේ. අවයව සීමා සහිත වේ.
සරසවි යන වචනයේ අකුරු කුලකය A නම්,
A={ස,ර,වි,ය}    n(A)=4
සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය B නම්, 
B={2,5,0}      n(B)=3

[2]අපරිමිත කුලක
අවයව ලියා අවසන් කළ නොහැකිය.
2හි ගුණාකාර
Y={2,4,6,8,10...}

[3]අභිශුන්‍ය කුලක
අවයව නොමැති කුලකයි. එනම් අනේකත්වය 0 යි (n=0)
Ø ={නොමැරෙන මිනිසුන්}
M={1 ත් 3ත් අතර 4හි ගුණාකාර}
n(M) =0 .'.    M=Ø
B={x:1≤x≤4,xයනු 5හි ගුණාකාරයකි.}
n(B) =0 .'.    B=Ø


[4]උප කුලක
A={1<n<5 ,n යනු  2හි ගුණාකාරයකි.}
B={ 10ට අඩු ධන නිඛිල}
A={2,4} B={2,3,4,5,6,7,8,9}
A හි සියලු අවයව B හි වේ
A උප කුලකයකි B
A ⊂ B

⊂ මගින් උපකුලකය සංකේතවත් වේ.
 (කට ඇරුන පැත්ත ලොකු කුලකයට හරවන්න අමතක කරන්න එපා!)  A


උපකුලකයකි (උපකුලකයක් නොවේ (⊅) යන්න සංකේතවත් කරයි.


-------------------------------------------------------------------------------------------------
කුලකයක අනේකත්වය හා උපකුලක අතර සම්බන්ධය.
A={pen,pencil}            n(A)=2 
(සංකේතාත්මකව දක්වා ඇත්තේ A නම් කුලකයේ අවයව 2කි. අනේකත්වර 2කි යන්නයි.)

A හි සියලූ උප කුලක ලියමු,
{pen},{pencil},{pen,pencil},{}
හිස් සගල වරහනද අවයවයකි එය ශුන්‍ය උපකුලකය නිරූපනය කරයි.

සියලු උපකුලක ගණන = 4 යි. 
n(A)=4 
4=22
කුලකයක උපකුක ගණන = 2අනේකත්වය

නිදඃ D= {a,b,c,d} සියලු උපකුලක ගණන සොයන්න.
n(D) = 4
උපකුලක ගණන = 24  
=16
කුලකයේ සියලු උපකුලක ලියුවිට මෙසේය.
{a},{b},{c},{d},{a,b},{a,c},{a,d},{b,c},{b,d},{c,d},{a,b,c},{a,b,d},{a,c,d},{b,c,d},{a,b,c,d},{}
-------------------------------------------------------------------------------------------------

[5]කුලක සමාන තාවය
A = {2468 සංඛ්‍යවේ ඉලක්කම්}
B = {9ට අඩු ධන ඉරට්ට සංඛ්‍යා}
A = {2,4,6,8}    B = {2,4,6,8}
n(A)=4        n(B)=4

.'. A=B වේ  

[6]තුල්‍ය කුලක
අනේකත්වය සමාන කුලක තුල්‍ය කුලක වේ

A={1,2,3,4,5}     B={a,e,i,o,u}
n(A)=5                 n(B)=5
A සහ B තුල්‍ය කුලක වේ.

සම කුලක සැමවිට තුල්‍ය කුලක වන අතර තුල්‍ය කුලක සැමවිට සමාන කුලක නොවේ.

[7] සර්වත්‍ර කුලකය
අවයව සියල්ල අඩංගු කුලකයයි. ξ මගින් සංකේතවත් වේ

අප පාසලේ ආචාර්ය මණ්ඩලය ගනිමු.

  • ප්‍රාථමික අංශයේ ගුරු භවතුන්
  • ගණිත අංශයේ ගුරු භවතුන්
  • උ.පෙල අංශයේ ගුරු භවතුන්

ආදිය එහි උපකුලක වේ.
ξ = {අප පාසලේ ගුරු භවතුන්}
වෙන් සටහන් ඇදීමේ අදියරය තුලින් හමුවෙමු>

භාග

December 28, 2014

රාශියක් සමාන කොටස් ගණනකට බෙදා ගන්වූ ප්‍රමාණය භාගයක් වේ.
අදුරු කළ භාගය 3/8
ඉතිරි භාගය 5/8


1.නියම භාග (හරය > ලවය)

2. විෂම භාග (ලවය > හරය)

2. ඒකක භාග ( ලවය = 1)

3. මිශ්‍ර භාග

4. විෂම භාග මිශ්‍ර භාග බවට පත් කිරීම.
5. මිශ්‍ර භාග විෂම භාග බවට පත්කිරීම.

6. තුල්‍ය භාග

<එකම භාගය කිහිප ආකාරයකින් දැක්වීම වේ
<භාගයක හරයටත් ලවයටත් පොදුසාධක නොමැතිනම් එය එමභාගයේ සරලම ආකාරයයි.

7. භාග ආරෝහන හෝ අවරෝහණ පිළිවෙලට ලිවීම.

< හරය අසමාන විට ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලිවීමට හරයන් සමාන කළයුතුය.
(කුඩාපොදු ගුණාකාරය භාවිත කරන්න)
8. වෙනත් ...
භාග දශම කිරීම. (ලවය / හරය)

දශම භාග කිරීම.

භාග සංඛ්‍යාරේඛාවක දැක්වීම.


භාග (+-*/)------------------------------------------------------------
මේ පිළිවෙලට භාග ආශ්‍රිත ගණිතකර්ම කරන්න. එය විසදාලීමේසම්මතයයි.
රහන්
න්
බෙදීම
ගුණකිරීම

රි

1. පළමුව වරහන් තුල සුළුකළ යුතුය.
i. () සුළුවරහන
ii. {} සගල වරහන
iii. [] මහ වරහන
2. "න්" සම්බන්ධ කොටස
3. x හා / වමේ සිට දකුණට
4. සවසානයේ + හා - වමේ සිට දකුණට

භාග + කිරීම, භාග - කිරීම

භාග */ හා න් භාවිතය


වර්ගමූලය සෙවීම

December 20, 2014
පූර්ණ සංඛ්‍යාවක් සමාන සාධක 2කක ගුණිතයක් ලෙස ලිවිය හැකිනම් එම එක් සාධකයක් මුල්සංඛ්‍යාවේ වරගමූලය වේ.. වරගමුලය සෙවියහැකි ක්‍රම කිහිපයකි.

1. ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ඇසුරින් (පූර්ණ  වර්ග සංඛ්‍යා වල පමණක් )
2. සන්නිකර්ශන මගින් 
3. සාධාරණ ක්‍රමයෙන්
5. ලඝුගණක ඇසුරින්

1. ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ඇසුරින් පූර්ණ  වර්ග සංඛ්‍යා වල පමණක් වර්ගමූලය සෙවීමට හැකිය.



2.පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවල වර්ගමුලය සන්නිකර්ශන මගින් අපිට සෙවීමට හැකිය.




3. වර්ගමූලය සෙවීමේ සාධාරණ ක්‍රමය
පූර්ණ වර්ග මෙන්ම පූර්ණවර්ග නොවන සංඛ්‍යාවල ව.මූ. සෙවීමට මින් හැකිය.


3. ලඝගණක ඇසුරින් වර්ගමූලය
වර්ගමූලය සෙවීම සදහා පහසුම මාර්ගය මෙයයි.
වැඩිදුර ලඝුගණක ඒකකයෙන් --->



ලඝුගණක චක්‍ර පොත-----------------------------------------
right click and open newtab to Zoom 
 

තලරූපවල වර්ගඵලය හාා පරිමිතිය

December 19, 2014

පරිමිතිය හා වර්ගඵලය විමසීමේ දී ප්‍රධාන වශයෙන් පහල සූත්‍ර කෙරෙහි අවධානය යොමුකරන්න.
1. සමචතුරස්‍රය
2. සෘජුකෝණාස්‍රය
3. ත්‍රිකෝණය
4. සමාන්තරාස්‍රය
5. ත්‍රැපීසියම
6. වෘත්තය
7. කේන්ද්‍රික ඛණ්ඩ



පයිතගරස් ප්‍රමේයය

December 19, 2014


පයිතගරස් ප්‍රමේයය- සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණයමත ඇදිය හැකි සමචතුරස්‍රයේ වර්ගඵලය සෘජුකෝණය අඩංගු පාදදෙක මත ඇදියහැකි සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමානය.

ඔහු පැවසු ඒ දෙය සමීකරණයක් විදිහට මෙහෙමයි.අපි මේක පාවිච්චිකරල ගණන් ටිකක් හදමු.
C2=b2+a2
----------------------------------
වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයේ සාධක භාවිතකර ඇත.

--------------------------------------------------
---------------------------------------
පිළිතුර ගැන වර්ගජ සමීකරණ වලදී වැඩිදුර අවධානය යොමුකෙරේ
----------------------------------------------------

සුළුකරන්න පහසුවෙන්න අහනපාදයෙන් පයිතගරස්ප්‍රමේය ආරම්භ කරන්න පුරුදුවෙන්න








ගණිතය 1 පරිමිතිය ~ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හා පරිමිතිය සදහා ප්‍රකාශන ගොඩනැගීම

January 25, 2013

මේපාර අපි දැගන්මු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියහොයා ගන්නෙ කොහොමද කියල. මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩය?


උඩ තියෙනව පේනව නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්ත චාප කොටසකින් හා අරයන් 2කින් යුත් තල රූපයක් .

උඩ රූපයේ දීලා තියෙන විදිහට අරයන් 2කේ කෝණයත් අරයන් 2කත් දීලා තියෙනවනම් අපිට පියවර 2න් මේ රූපයේ පරිමිතිය හොයන්න පුලුවන්. මෙන්න මෙහෙම,

1.පහත සූත්‍රයෙන් අර්ධ වෘත්තාකාර කොටසේ දිග සෙවීම.
[ කෝණයේ අගය÷360 X 2πr ]
2.එයට අරයන් කොටස් 2ක + කිරීමෙන් මුලුරූපයම පරිමිතිය ලබාගන්න පුලුවන්.
[+2r]

හොදයි එහෙනම් අපි උඩ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ලබාගමු.

පහල තියෙනවා කෝණය 90' අරය 38 උන කේන්ද්‍රික ඛණ්ඩයක් මේකේ පරිමිතිය අරගන්නෙ කොහොමද කියලා බලමු.


පරිමිතිය සදහා ප්‍රකාශන ගොඩනැගීම

යඩ පිංතුරෙ තියෙන විදිහට මේ කේන්ද්‍රික ඛණ්ඩයෙ පරිමිතියට ප්‍රකාශනයක් ගොඩනගන්න තමයි තියෙන්නේ.. මතක ඇති නේද කලින් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න අපි පියවර 2ක් අනු ගමනය කළා මේකෙදිත් ,
1. වක්‍ර කොටසේ දිග.+
2.අරය 2කේ දිග.


කියන පියවරට අනුවයි අපි මේ රූපයට පරිමිතියට ප්‍රකාශයක් හදාගන්නේ පහල බලන්න.


ඉහත ආකාරයට මම මුලින්ම වක්‍රකොටසේ දිග "11/7 r" ලෙස හොයාගත්තා. පසුව මම දෙවන පියවරේදී ඒකට 2r (අරය 2ක) එකතුකළා භාග එකතු කරන ආකාරයට භාග එකතු කරන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මට කියන්නකො... අන්තිමේ දී උත්තරේ ආවේ "25/7r" කියල තමයි.

අදට ඔච්චරයි ඊලගට අපි දැන ගම්මු පරිමිතියෙන් අරය/විශ්කම්භය ලබාගන්නේ කොහොමද කියලා..



ගණිතය 1 පරිමිතිය ~ වෘත්තයක පරිධිය සොයමු

January 20, 2013
එහෙනම් වෘත්තයක පරිධිය සොයද්දී අපිට ක්‍රම 2ක් තියෙනවා මේකේ පරිධිය සොයාගන්න. මෙන්න මේ විදිහට,



1. අරය මගින් වෘත්තයේ පරිධිය සෙවීම.
2. විශ්කම්භය මගින් වෘත්තයේ පරිධිය සෙවීම.

1. අරය මගින් වෘත්තයේ පරිධිය සෙවීම.


අපි කලින් ලිපියෙ දැනගත්තා අරය කියන්නෙ මොකද්ද කියල වෘත්තයක. අරය මගින් වෘත්තයක පරිධිය හොයද්දී පහල තියෙන සූත්තරේ යොදාගෙන තමයි පරිධියහොයන්නේ

C=2πr
අපි කලින් ලිපියේදී දැනගත්තා "C "කියන්නේ," r "වලින් හා "d "වලින් හදුන්වන්නේ මොනවද කියලා. ඒ වගේමπ කියල අකුරකුත් තියෙනනේ ඕකට කියන්නේ "ෆයි" කියල. ඒකෙන් නිරූපනය වෙන්නේ 22/7 (භාගයක් විදිහට 7 න් 22)

එහෙනම් පොඩි ගානක් මේ එක දාලා හදමු.

අරය 21cm වන වෘත්තයක පරිධිය සොයන්න.



ඉහත ගානෙහි, 
1 පේලිය තුළ මම බාවිතාකළ සූත්‍රය සදහන් කළා.

2 පේලිය තුළ  π  සදහා 22/7 ත් r සදහා 21 ත් ආදේශ කරලා ඒවා භාග ලෙස ගුණ කළා. ඒ අනුව 7 වරක් 3න 21 බැවින් 7 හා 21 , 1 හා3 ලෙස බෙදුනා.

3. පේළිය තුළ 132/1 ලෙස පිලිතුර ආවත් ඒ අනුව 132 යනු සම්පුර්ණ සංඛ්‍යාවක් මොකද බාගයක හරය 1 වෙවනම් ඒකේ ලවය (ඉරෙන උඩ ගාන) එහෙම්මම සම්පුර්ණ සංඛ්‍යාවක් විදිහට දක්වන්න පුලුවන්.ඒකනිසා
උදාඃ 44/1 = 44 , 644/1 = 644

4. පිළිතුර විදිහට 132cm ආවා.. c= 132cm
(Cකියන්නේ පරිධියනේ ඒකියන්නේ අරය 21ක්වන වෘත්තයේ පරිධිය (වටේ දිග) සෙන්ටිමීටර 132යි)


2. විශ්කම්භය මගින් වෘත්තයේ පරිධිය සෙවීම.

දැන් අපි බලමු වෘත්තයක විශ්කම්භයයොදාගෙන පරිධිය හොයන්නේ කොහොමද කියලා විශ්කම්භය ගැන කලින් ලිපියේ දාලා තිබුනා.. එහෙනම් විශ්කම්භයයොදාගෙන පරිධිය හොයන සූත්තරේ පහල තියෙනවා. අපි බලමු

C=πd
එහෙනම් අපි කළින් වගේ මේ සූත්‍රයට පොඩි ගානක් දාලා හදල බලමු මේ සැරේනම් කලින් වගේ පියවරෙන් පියවරට කියලා දෙන්නෙනෑ කෙලින්ම ගාන මෙහෙම දාලා තියෙනවා. තේරුම් ගන්න බලන්නකෝ..

විශ්කම්භය 14cm වන වෘත්තයක පරිධිය සොයන්න.
ඒවගේ සූත්‍ර ආදේශ කරල පුලුවන්නම් පහල ප්‍රස්න ටික විස දන්න බලන්න.

*අරය 10.5 වූ වෘත්තයක පරිධිය සොයන්න.
*විශ්කම්භය 84 වු වෘත්තයක පරිධිය සොයන්න.
*අරය 5.25 වූ වෘත්තයක පරිධිය සොයන්න.



අපි ඊලගට බලමූ පරිධියෙන් අරය/විශ්කම්භය හොයන්නෙ කොහොමද කියලා..



Powered by Blogger.