Results for පධාර්ථය සහ විකිරණ

ප්‍රකාශ විද්‍යුත් ආචරණය

March 04, 2017

ක්ලාක් මැක්ස්වෙල් විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බක තරංග පිලිබදව කරුණු රුසක් අනාවරණය කරන ලදී.
පසුව හර්ට්ස් විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බක තරංග ප්‍රායෝගිකව නිපදවන ලදී. එම පරීක්ෂණයේ අතුරු ඵලයක් වූයේ ප්‍රකාශවිද්‍යුත් ආචරණයයි.
ප්‍රකාශවිද්‍යුත් ආචරණය පිළිබදව wilhelm holvakවිද්‍යාඥයෝ  පරීක්ෂණ සිදුකර ඇත.

පිලිප් ලෙනාඩ් විද්‍යාඥයා විසින් පහත කරුණු අනාවරණය කර ඇත.

1. මුදාහැරෙන ඉලෙක්ට්‍රෝන උපරිම චාලක ශක්තිය විකිරණවල ත්‍රීව්තාවය මත රදා නොපවති.
2. ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය විකිරණවල විකිරණ වල සංඛ්‍යාතය හා ඉලෙක්ට්‍රෝන මුදාහැරෙන පෘෂ්ටවල ස්වභාවය මත රදා පවතී.
3. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ත්‍රීව්තාවයට අනුලෝමව සමානුපාතවේ.

මේ අනුව පිලිප්ලෙනාඩ් 1905දී භෞතික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය පිදුම් ලැබීය.
ප්‍රකාශ විද්‍යුත් විමෝචන සංසිද්ධිය.
විද්‍යුත් චුම්බක තරංග යම්ලේහ පෘෂ්ඨයක් මත පතිත වූවිට ලේහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදුවේ මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණයයි.

  1. 1. පතනය වන ආලේකයේ ත්‍රීව්තාවය කොතරම් වැඩි වුවද එහි සංඛ්‍යාතය කිසියම් නිශ්චිත අගයක් ඉක්මවා යනතුරු පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදුනොවේ. ලෝහ වර්ගය මත රදා පවතින මෙය දේහලීය සංඛ්‍යාතය (කපාහරින සංඛ්‍යාතය) ලෙස හැදින්වේ. Na=yellow Zn=uv
  2. 2. දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයක් සහිත විකිරණ පතනය වන විට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ සීඝ්‍රතාව විකීරණයේ ත්‍රීව්තාවයට අනුලෝමව සමානුපාතවේ.
  3. 4. ප්‍රකාශ විද්‍යත් ආචරණය සදහා කාලය පමාවක් සිදුනොවේ.(එසේ සිදුවුවහොත් එය වඩා අඩුය.)
  4. 5. විමෝචනය වන එලෙක්ට්‍රෝන වලට ශුන්‍යයේ සිට කිසියම් නිශ්චිත අගයක් දක්වා වූ පරාසයක් තුල පවතින විවිධ චාලක ශක්ති පවතී.චාලක ශක්තිය සංඛ්‍යාතයට අනුලෝම වේ.
  5. 6. චාලක ශක්තිය කෙරෙහි ත්‍රීව් තාවයේ බලපෑමක් ඇති නොකරයි.
ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පෞරාණික භෞතික විද්‍යාපැහැදිලි කිරීම් එම ආචරණය සම්බන්ධ පරීක්ෂනාත්මක පැහැදිලි කිරීම් වලට පටහැණි වේ.  මේ නිසා පෞරාණික භෞතික විද්‍යාපැහැදිලි කිරීම් මගින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කළ නොහැකි විය.

විකිරණ පිලිබද ප්ලෑන්ක්ගේ ක්වොන්ටම් වාදය

කෘෂණ වස්තු විකිරණය හා ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පහදාදීමට sir Max Plank විසින් 1900දී කොන්ටම් වාදය ඉදිරිපත් කලේය.


  • 1. කිසියම් වස්තුවක් විසින් ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය කරණුයේ සංතතික ලෙසනොව ඛණ්ඩනය වූ ශක්ති කොටස්හෙවත්  ශක්ති පැකට් (පෝටෝන, ක්වොන්ටම්) ලෙසය.
  • 2.කිසියම් වස්තුවක් විසින් ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය කරණුයේ යම් නිශ්චිත සංඛ්‍යාතයට අදාල ශක්ති පැකට්ටු හෝ ගුණාකාර පමණි. ක්වොන්ටම් එකකට අඩුහෝ වැඩි ශක්තියක් අවශෝෂණය හෝ විමෝචනය කළ නොහැක.
  • 3.
  • E=පෝටෝනයක ශක්තිය h=ප්ලාන්ක් නියතය    =සංඛ්‍යාතය
අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය

sir අයින්ස්ටයින්ta අනුව ලෝහ පෘෂ්ඨයක් හා ගැටෙන පෝටෝනයක ශක්තිය කොටස් දෙකකට බෙදී යයි. පළමුකොටස පරමාණුක න්‍යෂ්ටියෙන් නිදහස්වීමටයි. මෙම කාර්ය ප්‍රමාණය කාර්ය ශ්‍රිතය ලෙස හදුන්වන අතර එය ලෝහය මත රදා පවතී.
update soon.

තාප විකිරණය

March 03, 2017

තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන්කිරීම තාප සංක්‍රාමණයයි. ඒ සදහා මාධ්‍යක සහභාගීත්වයක් අවශ්‍ය නොවේ නම් තාප සංක්‍රාමනය සිදුවන්නේ විකිරණය නම් ක්‍රියාවලිය මගින් විද්‍යත් චුම්බක විකිරණයක් වන අධෝරක්තකිරණ මගිනි.
සන්නයනය හා සංවහනය සදහා මාධ්‍යක අංශු සහභාගීත්වයක් අවශ්‍යවේ.

IR -> තරංග ආයාමය=  1μm -1mm රික්තයක්තුල වේගය= 3x10⁸ms⁻¹
සූර්ය නියතය= 1350J (ඒකක වර්ගඵලයකට ඒකක කාලයකදී පතනය වන සූර්ය ශක්තිය.)

අධෝරක්තකිරණ වර්තනය, විවර්තනය, පරාවර්තනය, නිරෝධය වැනි ක්‍රියාවන්ට භාජනය වේ.

කළු රළු පෘෂ්ඨ මගින් තාප විකිරණ වැඩි වශයෙන්  විමෝචනයද  මුළුමනින්ම අවශෝෂනයද කිරීමේ හැකියාව පවතී. එවිට ඒවා කළු පැහැයෙන් දිස්වේ.

සිනිදු ඔපදමනලද සුදූ පෘෂ්ඨ මගින් තාප විකිරණ අඩු වශයෙන් විමෝචනයද  වැඩිවශයෙන් පරාවර්තනය කිරීමේ හැකියාව පවතී.

බාහිර විද්‍යත්හෝ චුම්බක ක්ෂේත්‍ර මගින් තාපවිකීරණ වලට බලපෑමක් ඇති නොකරයි.

පධාර්ථමය මාධ්‍ය (විශේෂයෙන්ම විකීරණයට පාරදෘශ්‍ය හා පාරභාෂක මාධ්‍යය) මගින් සංක්‍රාමනයේදී ශක්තිය සුළු වශයෙන් හානි වේ.

තාප විකිරණ අනාවරකඃ Thermopite,Bolometer,අන්තර්වායූ උෂ්ණත්වමානය

නිදහස් අවකාශය(රික්තයක්) තුල ප්‍රචාරණ වේගය = v
නිදහස් අවකාශයේ පාරවේදීතාවය = 
පාරගම්‍ය තාවය=
නම්,





හා



ආදේශයෙන්


ලැබේ.

වස්තුවකින් තාප විකිරණ විමෝචන සීඝ්‍රතාව මේවා මත රදා පවතී.
1. උෂ්ණත්වය
2. පෘෂ්ඨික ස්වභාවය
3. පෘෂ්ඨික වර්ගඵලය
ලෙස්ලි ඝනකය මගින් ඉහත සාධක අනුව තාපවිකීරණ විමෝචනය වන සීඝ්‍රතාව පරීක්ෂා  කරනු ලබයි.



යම් වස්තුවක් මත පතනය වන සියලුම තරංග ආයාම සහිත විකිරණ එම වස්තුව මගින් අවශෝෂනය කරගනු ලබන්නේ නම් එම වස්තුවට පරිපූරණ කෘෂණ වස්තුවක් යැයි කියනු ලැබේ.

ස්ටෙෆාන් නියමය (බෝල්ට්ස්මාන් නියතය)
"කෘෂණ වස්තුවක ඒකක වර්ග ඵලයක් මගින් ඒකක කාලයකදී මුදාහරින මුලු විකිරණ ශක්ති ප්‍රමාණය(E), එම වස්තුවෙහි නිරපේක්ෂ උෂ්ණත්වයෙහි(T) සිව්වැනි බලයට අනුලෝමව සමානුපාතවේ"

ඒ අනුව, 
--------------1

ස්ටෙෆාන් නියතය =
වර්ගඵලය A විට,
--------------2
කෘෂණනොවන වස්තු සදහා ස්ටෙෆාන් නියමය

--------------3
මෙහි  යනු කෘෂණ නොවන වස්තුවේ පෘෂ්ටික ස්වභාවය මත රදා පවතින පෘෂ්ටික විමෝචකතාව නම් රාශයකි.
E=එම වස්තුව පවත්නා උෂ්නත්වයෙහි ඒකක පෘෂ්ඨ වර්ග ඵලයකින් ඒකක කාලයකදී මුදාහරින විකිරණ ශක්තිය.
=එම වස්තුව පවත්නා උෂ්නත්වයෙහි පවතින පරිපූරණ පරිපුරණ කෘෂණ වස්තුවක ඒකක පෘෂ්ඨ වර්ග ඵලයකින් ඒකක කාලයකදී මුදාහරින විකිරණ ශක්තිය.

කෘෂණ වස්තුවක් සදහා පෘෂ්ඨක විමොචක තාව 1ද කෘෂණ නොවන වස්තුවක් සදහා පෘෂ්ඨක විමෝචක තාව 1ට අඩුවේ.


වස්තුව මගින්  අවශෝෂනය කරනු ලබන ශක්ති ප්‍රමාණය, එය මත පතනය වන මුළු ශක්තියට දරණ අනුපාතය එම වස්තුවේ අවශෝෂකතාවය යි.

කුටියක් තුල පවතින උණුසුම් වස්තු
1.
 නිරපේක්ෂ උෂ්ණත්වයේ පවතින කුටියක් හා ඒ තුල පවතින වස්තුවක් සලකමු. එවිට,

වස්තුව මගින් විකිරණ විමෝචනය විමේ ක්ෂමතාව=කුටිය මගින් අවශෝෂනය කිරීමේ ක්ෂමතාව=

2.
කුටිය තවදුරටත් පවතිද්දී දැන් වස්තුව T උෂ්ණත්වයට පත්කරමු.

එවිට වස්තුවෙන් විකිරණ විමෝචනය වීමේ ක්ෂමතාව,

කුටියෙන් ශක්තිය අවශෝෂනය වීමේ ක්ෂමතාව,


නිසා වස්තුවෙන් විකිරණ ශක්තිය විමෝචනය වීමේ සඵල ක්ෂමතාව W , එනම්
 --------------4
                                           කෘෂණ වස්තු විකීරණයේ ත්‍රීව්තා ව්‍යාප්තිය.
කෘෂණ වස්තුවක් මගින් මුදාහරිනුලබන විකිරණයෙහි ගුණාංග ලමර් හා ප්‍රින්ග්ස්හයිම් දෙපල විසින් අන්වේශනය කරන ලදී.


තනි තරංග ආයාම සහිත විකිරණ ප්‍රායෝගිකව වර්ණාවලිමාන මගින් ලබාගත නොහැකි වන අතර එමගින් ලබාගත හැකිවන්නේ පටු තරංග ආයාම පරාසයක් තුල පවතින විකිරණ ව්‍යාප්තියකි.

ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදීනිගුත් කරන විකීරණ ශක්තිය විකිරණ ත්‍රීව් තාවයයි.

කෘෂණ වස්තුවේ විමෝචන බලය හෙවත් ත්‍රීව්තාවය  තරංග ආයාමයට අනුරූපවලෙස ලිවිය හැක.(= වෙනස සංකේතවත් කරයි.)
 අනුව  වෙනස්වීම ප්‍රස්ථාරිකව පහත දැක්වේ.



මෙය කෘෂණවස්තු වර්ණාවලිය හෙවත් කෘෂණවස්තු විකිරණයේ ත්‍රීව්තා ව්‍යාප්තිය ලෙස හැදින්වෙයි.

  • a. උෂ්ණත්වය සමග සියලුම තරංග ආයාම සහිත විකිරණ වල ත්‍රීව්තා වැඩිවේ. කෙටිතරංග ආයාම වල වැඩි වශයෙන්ද දිගු තරංග ආයාම වල අඩු වශයෙන්ද ඉහල යයි.
  • b. සෑම උෂ්ණත්වයකදීම විමෝචන ත්‍රීව්තාවය උපරිමයකට එළඹ අඩුවේ.
  • c. අක්ෂය සමග ව.ඵ.=මුළු ත්‍රීව්තාවය.
  • d. උෂ්ණත්වය වැඩිවීමේදී උපරිම ත්‍රීව්තාවය පෙන්නුම්කරන තරංග ආයාමය අඩුවේ.
වීන් විස්ථාපන නියමය.
ත්‍රීව්තා ව්‍යාප්තිය සලකා බැලීමේදී උපරිම ත්‍රීව්තාවය පෙන්නුම් කරන තරංග ආයාමයේත් අදාල නිරපේක්ෂ උෂ්ණත්වයේත් ගුණිතය නියත වේ.
.(නියතයකි.).............................5
තාප විකිරණ = මුළු අධෝරක්ත කළාපය+ දෘශ්‍ය කොටසක්+ පාරිජම්බුල කොටසක්



Powered by Blogger.