Results for වීජ ගණිතය

වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයක සාධක

April 14, 2014
 a2-b2= (a-b)(a+b) වර්ග 2ක අන්තරයේ ප්‍රකාශනයේ සාධක වූවත් a2+b2 වර්ග 2ක ඓක්‍යයේ ප්‍රකාශනයේ සාධක තවමත් සොයාගෙන නැත. කිසිවිටෙක a2-b2 = (a-b)2 හෝ
a2+b2=(a+b)2 වන්නේ නැත. (a+b)2, (a-b)2 හි ප්‍රසාරණය පිළිබද ද්විපද ප්‍රකාශන කොටසේ කතා කලෙමු.
වර්ග දෙකක අත්තරයේ ප්‍රකාශනයකට උදාහරණ.,
a2-b2= (a-b)(a+b)
1. x2-y2
= (x-y)(x+y)

2. q2-1
= (q-1)(q+1) 12=1බැවින

3. (y-1)2-v2
= {(y-1)-v}{
(y-1)+v}
= (
y-1-v)(y-1+v)වරහන් ඉවත් කළවිට

4. 52y2-42
= (5y-4)(5y+4)

5. 52-22x2
=(5-2x)(5+2x)

6. 23-2a පොදු සාධක ගැනීම
=2(22-a2)
=2(2-a)(2+a)


8. 5ab-4ab3+3ab-4ab
=4ab-4ab3
=4ab(1-b2)
=4ab(12-b2)
=4ab(1-b)(1+b)

9. 5b2-50
=5(b2-52)
=5(b-5)(b+5)

10. 81-(x-y)2
= 92- (x-y)2
= {9-(x-y)}{9-(x+y)}
= (9-x+y)(9-x-y)

වීජීය ප්‍රකාශනවල සාධක සෙවීම

April 14, 2014
10 ශ්‍රේණියේ අපිට හමුවෙන තවත් ත්‍රාසජනක පාඩම් වලින් එකක් තමයි සාධක සෙවීම. මේක හොදට ප්‍රගුණ කරගත්තොත් ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත්. අපි ද්විපද ප්‍රකාශන වලත් මේ සාධක සෙවිම ගැන කතා කළා. ඒකෙදී ගුණිතයක් ලෙස තිබූ ප්‍රකාශණ 2ක ගුණ කරණු ලැබුවා. එවිට අපිට තවත් ප්‍රකාශයක් ලැබුණා. මේ විදිහට,


2. (q+3)(q-5)
= q2-5q+3q-15
= q2-2q-15
ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මතු උනා නේද?

4. (4a+2f)(4a-2f)
= 16a2-8af+8af-4f2
= 16a2-4f2
මෙන්න වර්ග 2ක අන්තරයක්

මේකෙදී එසේ ලැබුණු ප්‍රකාශය මගින් පෙර තිබු පුකාශන ගුණිතය එසේ නැත්නම් සාධක සෙවීම සිදුකරන අයුරු විමසා බලමු.



1. පොදු සාධක සොයමු.

(a-b)= -1(b-a)
(a+b)= (b+a)
(a-b)2=
(b-a)2
(a+b)2=(b+a)2


සාධක සෙවීමේදී,
1. මුලින්ම ප්‍රකාශනයකට පොදුවු රාශි (සංඛ්‍යා,පද) හෝ සංයුක්ත ප්‍රකාශන ඇත්නම් ඒවා හදුන ගන්න.

2. සාධක ගන්න සකස් කිරීම කර්න්න ඕන නම් එවා සිදුකරන්න.

3. එම හදුනා ගත් ප්‍රකාශනයකට පොදුවු රාශි හෝ සංයුක්ත ප්‍රකාශන යෙන් අදාල ප්‍රකාශනයෙන් බෙදන්න.

තේරුතේ නැත්නම් පහල ටික කියවන්න,

I. රාශියක් පොදුසාධක ලෙස ගනිමු.

1. 3ab+3bc ( b පොදුය. )
2. 28xhb+21bc+7b ( 7b පොදුය.)
3. 3x+3b
( 3 පොදුය. )
4. -x+x ( -x පොදුය. )
5. 3x-3 ( 3 පොදුය. )
6. 3x+3b ( 3 පොදුය. )
7. 5a3b2x3-15a4x2-10bxa
( 5abx පොදුය. )
8. -4b+x2
( -1 සාධකලෙස අවශ්‍යනම් )

උඩ තියෙන විදිහට වීජීය ප්‍රකාශනයකට පොදුවන යම් රාශියක් ඇත්නම් ඒවා සාධක ලෙස ගැනීම සිදුකළ හැක.

3ab+3bc ( b පදය පොදුය. b සාධකලෙස ලෙස ගත් විට ලියන්නේ මෙහෙම.)
b(3a+3c)
ඒ අනුව
3ab+3bc හි සාධක වන්නේ b(3a+3c) යි.
b(3a+3c)ප්‍රසාරණය කළවිට 3ab+3bcලැබේ.

1. 3ab+3bc
= b(3a+3c)

2. 28xhb+21bc+7b
= 7b(4xh+3c+1)


3. 3x+3b

= 3(x+b)

4. -x+x2
-x(1-x)


5. 3x-3
= 3(x-1)


6. 3x+3b
= 3
(x+b)

7. 5a3b2x3-15a4x2-10bxa2

=5a2bx(abx2-3a2x-2)

8. -4b+x2

= -1(4b-x2)

9. a-b
=-1(b-a)
= -1(-a+b)

10. (a-b)2
= (a-b)(a-b)
= -1(b-a)(a-b) (ප්‍රථම වරහනට -1 සාධක ලෙස ගත්කළ)
= -1*-1 (b-a)(b-a)
(දෙවන වරහනට -1 සාධක ලෙස ගත්කළ)
= +1 (b-a)(b-a)
= (b-a)(b-a)
= (b-a) 2

II. -1 පොදුසාධක ලෙස ගනිමු.


අපිට ඕනි වෙලාවට ගේම ඉල්ලනකොට බලෙන්ම -1 පොදුසාධක විදිහට ගන්න පුලුවන්.
1. a-b
= -1(b-a)

2. 2m-n
= -1(n-2m)

3.
-a+b
=-1(a-b)

4. x2+3x-2
= -1(
-x2-3x+2)
III. සංයුක්ත ප්‍රකාශන පොදුසාධක ලෙස ගනිමු.

දැං තමා ගේම ඉගෙන ගත්තු හැම දෙයක්ම ක්‍රියාවේ යොදවන වෙලාව.

1. p(x+y)-q(x+y)
= (x+y)(p-q)

1. (x+y) ප්‍රකාශනයටම පොදුය.
2. (x+y) සාධක ලෙස ගත්තා.
3. ඉතිරි වූයේ p-qපමණි.
4. එය දෙවන වරහනේ
දැමුයෙමි.

2. q(a+b) +p(b+a)
= q(a+b) +p(a+b)
=
(a+b)(q+p)

මේකේදී
+p(b+a) යන්න +p(a+b) ෙලස සකස් කළවිට අපිට සාදක බඩු ලැබේ.

3. x(y-a)-b(a-y)
= x(y-a)+b(y-a)
= (y-a)(x+b)

+b(y-a)
මෙහි -1 පොදුසාධක ලෙස ගන

4.
x(y-a)+b(a-y)
= x(y-a)-b(y-a)
= (y-a)(x-b)

5. p2(x-y)+q2(y-x)
=
p2(x-y)-q2(x-y)
= (x-y)
(p2-q2)
= (x-y)(p-q)(p+q)


6. (m-n)(m+n)-m+n
=
(m-n)(m+n)-1(m-n)
= (m-n) {
(m+n)-1}
=
(m-n)(m+n-1)
(m+n)ඉදිරියේ කිසිවක් නැත්නම් සංගුණකය +1 වේ. -(m+n)නම් සංගුණකය -1වේ. වැඩිදුර,

7. 3y(1-f)2-3x(f-1)
=
3y(1-f)2+3x(1-f)
= 3(1-f){y(1-f)+x}
=
3(1-f)(y-yf+x)
(1-f)ඉදිරියේ y ඇති බැවින් ප්‍රකාශනය y වලින් ගුණවේ.

8. 4(y-r)-3(r-y)2
= 4(y-r)-3(y-r)2
= (y-r){4-3(y-r)}
= (y-r)(4-3y+3r)

9. 8(p-q)2-4(q-p)
අපිට සීන්එකට යන්න පාරවල් කීපයක්උනත් කපාගන්න පුලුවන්

1ක්‍රමය: ගෙඩි පිටින් ගහම
=
8(p-q)2-4(q-p)
= 8(q-p)2-4(q-p)
= 4(q-p){2(q-p)-1}
=
4(q-p)(2q-2p-1)

2ක්‍රමය: කපන්න බැරි අත ඉඹින්න
= 8(p-q)2-4(q-p)
= 8(p-q)2+4(p-q)
= 4(p-q){2(p-q)+1}
= 4(p-q)(2p-2q+1)

1ක්‍රමය:

4(q-p)(2q-2p-1)

4(q-p)(2(q-p)-1)
4(q-p)(-2(p-q)-1)දෙවන වරහනට -1 පොදු සාධක ලෙස ගත්කළ
-4(q-p)(2(p-q)+1)ප්‍රථම වරහනට -1 පොදු සාධක ලෙස ගත්කළ
4(p-q)(2(p-q)+1)

2ක්‍රමය:

4(p-q)(2p-2q+1)

4(p-q)(2(p-q)+1)
එමනිසා
1ක්‍රමය: = 2ක්‍රමය: නේද? ක්‍රම 2කම හරි!

10. (o-y)2-o+y
=
(o-y)2-o+y
=
(o-y)2 -1(o-y)
= (o-y){(o-y)-1}
= (o-y)(o-y-1)

සාධක සෙවීමමේ එක් අදීරයක් අවසන් ත්‍රිපදයක සාධක , වර්ග 2ක අන්තරය සාධක තුලින් මීලග කොටසින් අපි හමුවෙමු. මෙම ලිපියේ ගැටලූ හෝ වැරදී තිබේ නම් මාව දැනුවත් කරන්න. ඔයාට අවුලක් තියෙන ව නම් මෙම පෙර ලිපි තුලින් හෝ මගෙන් උදව්වක් ගන්න.

ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය
මූලික වීජ ගණිතය විජීය ප්‍රකාශන
මූලික වීජ ගණිතය වීජීය පද

ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය

April 14, 2014



ද්විපද ප්‍රකාශන ඔයාලට අමුතතක් නොවන වග මම දන්නවා. අපි ප්‍රකාශන පිලිබද විශේෂාන්ගයේ දී පද 2කින් යුක්ත ප්‍රකාශන වලට දිවිපද යනුවෙන් හදුන්වන බව දැනගත්ත. අපි බලමු මේ ද්විපද 2ක් ගුණකරන හැටි මේ විදිහට ද්වීපද ප්‍රකාශන 2ක් ගුණ කිරීම "ද්වී පද ප්‍රසාරනය" කියලත් හදුන්වනවා.

ද්වී පද : a+b, a-b, a2+b,2n-1, ydf4+34fg
a+b යන c+d ද්වි පද ප්‍රකාශය යන ද්වීපද ප්‍රකාශනය තුලින් ගුණ කිරීමට පහත පරිදි වරහන් බාවිතකර ලිවියයුතුය.

(a+b)(b+c)

වරහන් මගින් ප්‍රකශනයේ ගුණකිරීම නියෝජනය වේ. (a+b) * (b+c)

a+b * c+d මේ විදිහට ලියන්න බැ එවිට ගුණ කිරීම ලකුණ අදාල වෙන්නේ b,c යන පද වලට පමණයි.
a+b * c+d
= a+b c+d

ඉහත (a+b)(b+c) ප්‍රකාශනය ගුන කිරීමේදී මෙන්න මේ සිස්ටම් එකට ගුණ කිරීම සිදු කළයුතුයි. 
 ඉහත සිස්ටම් එකට ගුණ කළාම ද්විපයෙන් පද හතරේ ප්‍රකාශනයක් ලබෙනවා.එය තව සුලුවෙනව නම් සුළු කරල දාන්න ඕන. මේ විදිහට සුළුකළාම සමහර අවස්ථාවල වර්ග 2ක ඓක්‍ය, අන්තරය, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන එහෙමත් ලැබෙන්න පුලුවන්. මේ ඒ වගේ ගණන් ටිකක්,


1. (x+2)(x+2) ගුණකළා
= x2+2x+2x+4 සුළු කරා
= x2+4x+4


2. (q+3)(q-5)
= q2-5q+3q-15
= q2-2q-15
ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මතු උනා නේද?

3. (y+a)(y+2a)
= y2+2ay+ay+2a2
=
y2+3ay+2a2

4. (4a+2f)(4a-2f)
= 16a2-8af+8af-4f2
= 16a2-4f2

මෙන්න වර්ග 2ක අන්තරයක් අපි මේකේ සාධක හොයමු.
(මේ පිලිබද සාදක හොයන කොටස බලාපොරොත්තු වෙන්න.)

= 16a2-4f2
= 42a2-22f2
= (4a+2f)(4a-2f)
කලින් ද්වි පදේම ලැබුනා නේද?

5. (ab+6)(ab-3)
= a2b2-3ab+6ab-18
= a2b2+6ab-18


පේනවා නේද වැඩේ. ද්විපදේ * කළාම ලැබෙන ප්‍රකාශනේ සුළු වෙනවා නම් එය සුළු කළාම හෝ එවිට ලැබෙන ප්‍රකාශනේ සාධක සෙවුවිට පෙර ද්වීපදයම ලැබෙන බව මින් පැහැදිලිය මින් ඉදිරියේ ලිපි මගින් සාධක සෙවීම දැනුවත් කරන්නම්. මින් ඉදිරියට ද්විපද පුකාශන මනෝමයෙන් ප්‍රසාරණය අයුරු බලමු.

3 වර්ගායිත(වර්ග) කළවිට
= 3
2
= 3 * 3
= 9 

 1. (m+n)2
= m2+2mn+n2

2. (q+2)2
= q2+4q+4

3. (1+p)2
= 1+2p+p2

4. (y-2p
)2
= y2-4yp+4p2

5. (1/2 + x)2
=1/4+x+x2

6. (2p-3h)2
= 4p2-6ph+9h2

මූලික වීජ ගණිතය විජීය ප්‍රකාශන

April 14, 2014




වීජීය පද පිළිබදව අපි මීට පෙර දැනගත්තා මේ විජීය ප්‍රකාශන ගැන. වීජීය ප්‍රකාශනයක් හැදන්නේ වීජීය පද අතරට + හා - ලකුණූ යෙදීමෙන් . ඒවායේ ඇතුලත් වෙන පද අනුව පහත ලෙස හදුන් වනවා.

EX: ab+cd-ef



  • x+y - ද්වීපද ප්‍රකාශනයක්
  • 3cd-2de+5ac+ce - පද හතරේ ප්‍රකාශනයක්
  • 2y2+3y-7 -ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්
  • x2-y2 - වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයක්
  • x2+y2 - වර්ග දෙකක ඓක්‍යයේ ප්‍රකාශනයක්
  • b3+b3 - ඝණ2ක ඓක්‍යයේ ප්‍රකාශනය
  • x4+3x3-2x2+x+7 - හතරවන මුලයේ ප්‍රකාශනයක්


3.1 ප්‍රකාශන එකතු කිරීම

ප්‍රකාශන කිහිපයක් එකතු කරද්දී එකතු කළයුතු ප්‍රකාශනයේ මුල් පදයේ ලකුණ තමයි වැදගත් වෙන්නේ මුල් පදේ ලකුණ + නම් එකතු කළයුතු මුල් ප්‍රකාශනයේ අගට + ලකුණ දාලා පද ටික ඉදි රියට සුළුකළ යුතුයි. -තිබ්බත් එහෙමමයි තේරුන් නැත්නම් පහල ටික බලන්න.

  • 4a+y+2 එකතු කරන්න.-y+5-2a

=4a+y+2-y+5-2a
= 4a-2a+y-y+5+2
= 2a+7


  • 5a2-3a-6c එකතු කරන්න 11a2-4a+c

= 5a2-3a-6c+11a2-4a+c
=
16a2-7a-5c

  • 3mb+v+bඑකතු කරන්න -4mb+v+6yඑකතු කරන්න -b+5v+2mb

= 3mb+v+b-4mb+v+6y-b+5v+2mb
= mb+7v++6y



3.2 ප්‍රකාශන අඩු කිරීම
ප්‍රකාශන අඩු කිරීම් වලදී වරහන් භාවිතවේ මෙහිදී අඩු කරනු ලබන ප්‍රකාශනය වරහන් තුලට ඇතුලත් කර - ලකුණින් ගුණ කළ යුතුය. පසුව පද සියල්ල සූළුකරගෙන යන්න ඕන.



  • 4a+5y අඩු කරන්න. a+y+b

=4a+5y-(a+y+b)
= 4a+5y-a-y-b
= 3a+4y-b

  • 4a+y+5 අඩු කරන්න.-y+2-2a

= 4a+y+5-(-y+2-2a)
= 4a+y+5 +y-2+2a
= 6a+2y+3


  • 5a2-3a-6c අඩු කරන්න 11a2-4a+c

= 5a2-3a-6c-(11a2-4a+c)
= 5a2-3a-6c-11a2+4a-c
= -6a2+a-7c

  • 3mb+v+bඅඩු කරන්න -4mb+v+6y

= 3mb+v+b-(-4mb+v+6y)
=3mb+v+b +4mb-v-6y
= 7mb+b-6y



3.3 ප්‍රකාශනයක් පදයකින් ගුණ කිරීම.

පෙර ප්‍රකාශන අඩුකිරීමේ මෙන්ම මෙතනදීද අපිට වරහන් භාවිද කරීමට සිදුවෙනවා. මුලික වීජගණිතයේ විජීය පද ගුණ කිරීම මෙහිදී භාවිතවෙන්නෙ ඒකනිසා මේ ලිපිටික මුල ඉදන් නොබලපුකෙනෙක් ඉන්න වනම් ගිහින් බලන්න.


  • x+y,3 න් ගුණ කරන්න

= 3(x+y)
= 3x+3y

  • 2xy-x+ab2 ප්‍රකාශය 5න් ගුණ කරන්න

= 5(2xy-x+ab2)
= 10xy-5x+5ab2

  • 2xy-x+ab2 ප්‍රකාශය xy න් ගුණ කරන්න

= xy(2xy-x+ab2)
= 2x2y2-x2y+ab2xy


  • 2pq-pq2+p2 ප්‍රකාශය 4p2q න් ගුණ කරන්න

= 4p2q(2pq-pq2+p2) = 8p3q2-4p3q3+4p4q

4. වරහන් ඉවත් කරමින් සුළු කරමු.

විශාලත්වය අනුව වරහන් වර්ග 3ක් තියෙනව නේ ද? මේ ඒ වරහන් ආරෝහනයට,

() සුළු වරහන්
{} සගල වරහන්
[] මහ වරහන්
වරහන් සුළු කරදිදී මෙම වරහන් පිළිවෙලින් සුළුකරගෙන යාම වැදගත්.
[3+m{+q-2(3q+4-q-2)+7}+6]
මුලුන්ම කුඩා වරනේ () පටන්ගෙන එය ඇතුලේ පද සුලුකර ගතයුතුය.
[3+m{+q-2(3q+4-q-2)+7}+6]
=[3+m{+q-2(2q+2)+7}+6]
පසුව එම වරහන ඉදිරියේ තියෙන සංගුණකය -2 හදුනාගෙන ඒමගින් කුඩාවරහන ඇතුලත පද ගුණ කරගෙන යන්න ඕන.
[3+m{+q-2(3q+4-q-2)+7}+6]
= [3+m{+q-2(2q+2)+7}+6]
= {3+m(+q-4q-4+7)+6}
= {3+m(-3q+3)+6}
ඔය විදිහට එක වරහනක් කපෝති (ඉවර උනාම) ඉවර උනාම පස්සේ හම්බ වෙන {}, [] වරහන වෙනස් කරගන්න ඕනි.

[3+m{+q-2(3q+4-q-2)+7}+6]

= [3+m{+q-2(2q+2)+7}+6]
= {3+m(+q-4q-4+7)+6}
= {3+m(-3q+3)+6}
=(3-3qm+3m+6)
=(-3qm+3m+9)
ඔන්න ඕම ඉතුර ඒව්වත් සුළු කරල දාන්න.
2. x-y-(x-y)
=
x-y-x+y
= 0

3. (a+b)-2(5-b)
= a
+b-10+b
= a+2b-10

5. 2{r(3v-b)}
= 2(3vr-vb)
= 6vr-2vb

6. m+{-(2-4m)+2}
= m+(-2-4m+2)
= m-2-4m+2
= -3m

x සංගුණකය +1
-y සංගුණකය -1
-(a+b)සංගුණකය -1
(a+b)සංගුණකය +1
-2y සංගුණකය -2
2y සංගුණකය +2
+2y සංගුණකය +2

මූලික වීජ ගණිතය වීජීය පද

April 14, 2014
(* ලකුණ යනු ගුණ කිරීමේ ලකුණ බව සලකන්න.)


2x3   =2*x*x*x
7xy2q3=7*y*y*q*q*q
x     = 1*x
-x    = -1*x


y2= y හි වර්ගය
y3= y හි ඝණය
y5,y6,y4,y6....




1.1 වීජීය පද සුළු කිරීම


  • සජාතිය පද සුළු කිරීමේදී ඒවා එකතුකර පිළිතුරට එම ලකුණ යොදයි.
  1. y+y = 2y
  2. 9x+3x+3x = 9x
  3. 45x+5y-50x+5y =-95x+10y
  • විජාතිය පද සුළුකිරීමේදී වැඩි පදයෙන් අඩු පදය අඩුකර වැඩි පදයට අයත් ලකුණ යොදයි.
  1. 6y-5y= y
  2. 9x+3x-3x = 9x
  3. 45x-6y-50x+6y =-50x+45x-6y+6y = -5x
  4. 12ab2+6b+-5b-11ab2 = ab2+b

1.1 වීජීය පද ගුණ කිරීම
ගුණකිරීමක දී,
සමාන පාද වල බලය එකතු වෙයි.
සංගුණක ගුණ වෙයි
.

  1. a*a = a2
  2. ab*b = ab2
  3. 4xy*y*2x*3r= 24x2y2r
  4. x*y = xy
  5. 5x*5 = 25x


1.2 වීජීය පද බෙදීම
බෙදීමක දී,

  • බෙදෙන පාදයේ බලය සියල්ල - 1න් ගුණ වෙයි (පාදයකබලයේ ලකුණ මාරුවෙනවා x3/x2 නම් x3-2 වගේ.)
  • සංගුණක බෙදෙයි.


  1. x5/x3 = x5-3 = x2
  2. 8ab4c2/4b = 2b3c2
  3. x/x = 1
  4. x2/x2 = 1
  5. -x/1 = -x
  6. y/1 = y
  7. x/-1 = -x

මූලික වීජ ගණිතය - නිඛිල

April 14, 2014

මෙහිදී වැඩි පදයෙන් අඩුපදය අඩුකර වැඩිපදයට අයත් ලකුණ පිළිතුරට යොදයි.
(+ හෝ - අඩංගු නොවන පදයක (ඉලක්කමක) ලකුණ + වේ.)

(1) 7-1 = 6 (2) -2+5 = 3

(3) 3+3-8
= 6-8
= -2

(4) -50+11(1+2)+6
=-50+33+6
=-50+39
=-11

(5) 30+(-5)+3-5+3
=36-10
=26





1.2. නිඛිල ගුණ කිරීම.

නිඛිල ගුණ කිරීමේදී පිළිතුරට අදාල ලකුණ පහත පරිදි යෙදිය යුතුය
lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
+ x + = +
- x - = +
- x + = -
+ x - = -
llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
(1) -1 x -1 = +1 (2) 3 x 2 = 6
(3) -6 x 2 = -12 (4) 9 x -3 = -27
(5) -3 x -4 x -2
= 12 x -2
= -24
(6) (-5)2
= (-5) x (-5)
= 25
(7) (-2)3 X (-2)3
= (-2)6

= 64


"බලය හෙවත් දර්ශකය ඉරට්ට නම් පිළිතුර + ය. බලය ඔත්තෙ නම් - වේ"

(8) (-2)6
= 64
(9) (12)5
= -32




1.3. නිඛිල බෙදීම.

නිඛිල බෙදීමේදී පිළිතුරට අදාල ලකුණ පහත පරිදි යෙදිය යුතුය
lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
+ / + = +
- / - = +
- / + = -
+ / - = -
lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
(1) -1 / -1 = +1 (2) 12 / 2 = 6
(3) -6 / 2 = -3 (4) 9 / -3 = -3
(5) -8 / -4 x 2
= -8 / -8
= 1
(7)(7) (-2)6 / (-2)3
= (-2)3

=
8

"බලය හෙවත් දර්ශකය පාද = නම් ගුණ කිරීමේදී + වේ. බෙදීමේ දී -වේ"
Powered by Blogger.