Results for C#

C# ඉගෙන ගනිමු 07: Form එකෙන් තවත් Form එකකට

March 06, 2012
                            ටික දවසකින් C# ගැන post එකක් ගැන දාන්න බැරි උන නිසා මම අද හිතුවා මේ ගැන දැම්මොත් හොදයි කියලා. මම කියලා දෙන්න හිතුවේ අපි එදිනෙදා application නිර්මානයේදී ප්‍රධාන form අමතරව තවත් form කිහිපයක් botton භාවිතා කර එක්කරගන්නා ආකාරය යි.එහෙ නම් වැඩේ පටන් ගමු.

මුලින්ම windows application එකක් සාදා එයට botton එකක් එක්කරන්න. දැං solution explore එකේ මෙම ප්‍රොජෙක්ට් එකට යෙදූ නම පෙනේවි. ඒමත රයිට් ක්ලික්කර Add හි windows form... වෙතගොස් අලුත් ෆෝර්ම් එකක් ලබාගන්න පහල ආකාරයට,


  


එවිට තවත් ෆොරමයක් ඉහත ආකාරයට solution explore වෙතට ලැබේ. මේවා මත ඩබල් ක්ලික් කර එකිනෙකට මාරුවෙන්න පුලුවන්. මම අලුත් ෆොරමය වෙතට ලේබල් එකක් එක්කරලා තියෙනවා උඩපිංතුරෙන් පේනවා ඇති. ඔයාලත් කැමති දෙයක් ඒ විදිහට 2වන form යට එක්කරගන්න. දැන් 1වන ෆෝරමයට අපි යමු ඒකට මම කලින් කිyaපු බට්න් එකත් ඇතිනේ ඒකට මෙන්න මේ කෝඩ් එක දාන්න.
Form2 newForm = new Form2();
newForm.Show();
                          දැන් F5 ඔබලා debug කරල බලන්න වැඩද කියලා.. ඔයාලා අලුත් ෆෝරම් එක හදද්දී ඒකේ නම විදිහට වෙන මොකක් හරි නමක් දීලා තිබ්බනම් කෝඩ් එකෙත් form2 කියන නම වෙනුවට එම නම ලියන්න නැත්නම් වැඩ නැතෝ.. ඒනම් අපිගියා මම හදාපු ෆයිල් එක පහල ඇති.

download project::::.......

C# ඉගෙන ගනිමු 06: checkbox යොදා ගන්නේ මෙහෙමයි!

January 21, 2012

අද මම කියලා දෙන්නන හිතුවේ checkbox එකක් යොදාගෙන සකසන්න පුලුවන් කුඩා නිර්මානයක් ගැන මේකේදී මම යොදාගන්නේ බට්න් එකක් එහෙත් ඔයාලාට කැමති පරිදි මේ සදහා වෙනත් ටුල් එකක්ද යොදාගත හැකිය. එසේ නම් අද වැඩේ පට්ටාන් ගමු.

    1. මුලින්ම form එක මතට button 1,checkbox 1 දාගන්න පහල විදිහට.

2. දැන් අපිට අවශ්‍ය චෙක්බොක්ස් එක සිලෙක්ට් වෙලා තියෙද්දී බට්න්එක enable වෙන්න හදන්න.

ඒකියන්නේ අපිට කෝඩ් එකක් ලියන්න වෙනවා බට්න් එකටත් චෙක්බොක්ස් එකටත් පිටතින්.
මේ පහල තියෙන කෝඩ්එක තමයි දාන්න තියෙන්නේ.

private void Do_checked()
{
button1.Enabled = checkBox1.Checked;
}

අපි මේ උඩතියෙන කෝඩ් එක දාන්න ඕන
            public partial class Form1 : Form
           කියෙන කෝඩ් එකට පහලින්. තේරුනේ නැත්නම් මේ ඉමේජ් එකෙන් වත් තේරුම් ගන්න.


  3. දැන් checkbox එකට පහල කෝඩ් එක දාන්න.
Do_checked();
 දැන් debug කලොත් ඔයාලට පෙනේවී checkbox එක select කලාම බට්න් එක enable වෙනවා.checkbox එක unchecked කලාම බට්න්  එක disable වෙනවා.
 ඒත් form එක ලෝඩ් වෙනකොට බට්න් එකයි  checkbox   දෙකම unchecked වෙලා තියෙනවා පෙනෙයි. ඒකට මොකද්ද කරන්නේ? හරි ලේසියි form එකත් double click කරලා මම 2වැනියට දුන්න  Do_checked();  කියන කෝඩ් එක දාන්න.

එහෙනම් අපිගියා ලගදීම මේකට අදාල වීඩියෝ එක දාන්නම්.

C# ඉගෙන ගනිමු 05: Radio Button එක්කර ගමු.

January 18, 2012
                                     
                                මම අද කියලා දෙන්න යන්නේ Radio button එක යොදලා හදාගන්න පුලුවන් සරල වැඩසටහනක් මේකෙදී ඔයාලාට Radio එකේ ක්‍රියාකාරීත්වය ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. මම නම් මේ C# ගැන කප් ගහපු විශාරදයෙක් නම් නොවන වග කලිනුත් කියලා ඇතිනේ ඒක නිසා මම මගේ භාෂාවෙන් ඔයාලට තේරෙන්න කියලා දෙන්නම්කෝ...

windows application  කට radio button 2 කුයි picture box 2 කුයි දාගන්න පහල විදිහට.


දැන් පහල තියෙන පිංතුරේ විදිහට picture box 1 (No 1) select කරලා properties window එකේ image (No 2) කියන එක ක්ලිකරන්න.  එවිට Select Resource කියන Dialog box එක එයි.Local Resource  යටතේ ඇති Import මගින් පරිගණකය තුළ ඇති picture එකක් ලබාගෙන Ok (No 4) කරන්න.


පහල විදිහට කැමති පිංතුරයක් දෙවන picture box eka කටත් දෙන්න.

දැන් form,radiobutton1,radiobutton2 කියන ඒවයේ text වෙනස් කරන්න පහල විදිහට.


 radiobutton1,radiobutton2 කියන  2කේ පහල තියෙන කෝඩ් දෙක ඇතුලු කරන්න. ඊලගට Debug කරල බලන්න.

radio bt 1:

pictureBox1.Visible = true;
pictureBox2.Visible = false;

radio bt 2:

pictureBox2.Visible = true;
pictureBox1.Visible = false;

දැන් ඔයාලාට පේනවා ඇති go radiobutton එක ක්ලික් කළාම ඊට අදාල picture එක පේනවා.stop radio button එක ක්ලික් කළාම ඊට අදාල picture එක පේනවා. 

දැන් ඔයාලට අවශ්‍යනම් මේ සදහා pic box එක වෙනුවට වෙනත් tool එකක් භාවිත කරන්න පුලුවන්. මේ පාඩමෙන් ඔයාලගේ දැනුමට යමක් එක් උනානම් මගේ මහන්සියට සාපේක්ෂව ලොකු දෙයක් මොකද ඉමේජ් අප්ලෝඩ් කර කර ටයිප් කර කර හෙන ගේමක් දෙන්ඩ එපායෑ. එහෙනම් අපි ගියා යන්න කලින් මම හෙට වෙනකොට මේ පාඩමට අදාල යුටියුබ වීඩියෝව ලැබෙන්න සලස් වන්නම්. බාන්න ලින්ක් එක පහල ඇති.

ඔන්න ඊයේ කිව්වා වගේම අද වීඩියෝව දැම්මා.












C# ඉගෙන ගනිමු 04: Media Player එකක් හදමුද?

January 15, 2012

            කලින් post කියෙව්ව නම් ඒවයේ දැනුමත් එක් කරගෙන මේ කෙදි මීඩියා ප්ලෙයරයක් සැලසුම් කරන හැටි තමයි කියලා දෙන්නේ. වැඩේ අමාරු කියලා හිතන්න එපා ලේසියි. මේකෙදී කෝඩ් 1ක් විතරයි අපිට ටයිප් කරන්න තියෙන්නේ. පුදුමයි නේද? එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.


 < මම ඔන්න  windows application එකක් අර ගෙන Media pot කියලා නමක් දැම්මා.  

  < tool box එකේ රයිට් ක්ලික් කරලා choose items එකට යන්න.


  <  choose items dialog box එක එන්න සමහර විට විනාඩියක් විතර ඉවසන් ඉන්න වෙයි. එතනින් COM components ටැබ් එකේ Windows media player එකියන ස්තානය tick කරන්න. ටික් කරලා තියෙනවනම් ආයෙත් ටික් කරන එකේ තේරුමක්නෑ. කොහොම හරි පිංතුරේ තියෙන විදිහට හරි ලකුණ දාගන්න. choose items dialog box එක ok කරන්න. 

 < මීලගට ඔයාලගේ tool box එකට අපි add කරපු item එක ඇවිත් ඇති. ඒක සිලෙක්ට් කරලා එකේ පිංතුරේ විදිහට එක Form එකට ගන්න.

 < දැන් ටුල් box එකෙන් open dialog කියන item එක click කරන්න..

 < මේ විදිහට බට්න් එකකුත් දාගෙන ඒ බට්න් එක තුළට මේ කෝඩ් එක දාගන්න.

OpenFileDialog open = new OpenFileDialog(); open.Title = "Open"; open.Filter = "All Files|*.*"; try { if (open.ShowDialog() == System.Windows.Forms.DialogResult.OK) { axWindowsMediaPlayer1.URL = (open.FileName); } } catch (ArgumentException ex) { MessageBox.Show(ex.Message.ToString(), "Error", MessageBoxButtons.OK, MessageBoxIcon.Error); } catch (Exception ex) { MessageBox.Show(ex.Message.ToString(), "Error", MessageBoxButtons.OK, MessageBoxIcon.Error); }

 දැන් Debug කරලා බලන්න (debug = F5 key). තේරුනේ නැති තැනක් තියෙන වනම්  අහගන්න. 







c# ඉගෙන ගනිමු 03: beep යොදාගනිමු

January 07, 2012


මම ඊයේ කියලා දුන්න වැඩේ අත්හදා බැලුවනම්. අද  Beep  එක ගැන ටිකක් කියලා දෙන්න හිදුවා. මුලින්ම WindowsFormsApplication  එකක් අරගන්න.ඒකට බට්න් එකක්ද අරගන්න.
ඕනනම් button එකෙයි form එකෙයි text වෙනස් කරන්න properties window එකෙන්. properties window එක පේන්න නැත්නම් Menu bar>View ගිහින්   properties window ක්ලික් කරන්න.

එතකොට පහල විදිහට පෙනෙයි.


මම ඔන්න form එකේ icon එකයි background image එකයි වෙනස්කළා.එතකොට මාර ගති නේද?


දැන් බට්න් එක ඩබල් ක්ලික් කරලා ඒතුල මේ කෝඩ් එක ගහන්න.


Console.Beep(1000, 300);


දැන් ඔයාගේකී බෝඩ් එකේ F5 බොත්තම ඔබපුවාම Debug වෙනවා.Debug කියන්නේ පරීක්ෂා කරනවා කියන එකයි. ඔයාගේ application එක වෙනමම වින්ඩෝවක ඕපන් වෙයි. බට්න් එක ක්ලි ක් කළාම බීප් සවුන්ඩ් එක ඔන්වෙයි. වැඩේ වැරදී කියනවනම් කොතන හරි අප්සැට් එකක් ගිහින් ආයේ චෙක්කොරල බලන්න.

එහෙනම් මේ කෝඩ් එක දිහා හොදට බලන්න.

Console.Beep(1000, 300);

උඩ රතු කරලා තියෙන තැන"," ක් දාලා ඉලක්කම් ","ට දෙපැත්තෙන් නුත් ලියලා තියෙනවා. ඒ ඇයි කියලා පහල උදාහරණය දැක්කාම තේරෙයි.

Console.Beep(37 සිට 32767 දක්වා ඕනෑම ශබ්ද සංඛ්‍යාතයක්,එය ක්‍රියාත්මක වියයුතු කාල ප්‍රමානය);


ඒකියන්නේ අපිට මේ ශබ්ද සංඛ්‍යාතය වෙනස් කරලා විවිධ ශබ්ද ලබාගන්න පුලුවන් බව. ඒවගේම කාල පරාසය වෙනස් කිරීමෙන් ශබ්දය පවතින වේලාවත් වෙනස් කරන්න පුලුවන්. ඒකියන්නේ පහල විදිහට.

Console.Beep(100, 100);
Console.Beep(2000, 300);
Console.Beep(1111, 450);

ඔය එක එක විදිහට වෙනස් කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි ඒශබ්ද උස් පහත් වන ආකාරය.

ඒවිතරක් නෙවෙයි ඔය බීප් 1ට වඩා බට්න් එකට දාලා බලන්න.

මෙතනින් බාලා බලන්න මම හදපු එක.

මෙන්න තේරුනේ නැත්නම් මෙතනින් වත් දැනගන්න.




visual c# සරලව ඉගෙන ගනිමු 02 : පොඩි නිර්මානයක් කරමු

January 07, 2012
මම අද කියලා දෙන්නම් අලුතින් පොඩි වැඩ සටහනක් කරන විදිහ. මුලින්ම මම පෙර කියලා දීපු විදිහට new windows project එකක් අරගෙන tool box එකෙන් button එකකුත් forum එකට දාගන්න පහල විදිහට

දැන් දකුණු පැත්තේ පහලට වෙන්න properties කියන window එක ඇති.එතනින් text කියන තැනට කැමති නමක් දෙන්න. ඒනම බට්න් එකේ පෙනෙයි. පහල විදිහට.හැබැයි මේ  properties window එකට යන්නඕන බොත්තම select කරල තියෙද්දී. 
මේ විදිහට ඕනම tool එකක් select කරලා text වෙනස් කරන්න පුලුවන්. 

දැන් වැඩේ හරියට තේරුණා නම් ඔය බට්න් එක උඩ double click කරන්න.එතකොට මෙහෙම කෝඩ් එකක් එයි.


ඔය කෝඩ්එක තුල කර්සරේ "{" "}" කියන පියන් දෙක මැද්දට ගිහිං තියෙනවා. මෙන්න මේ පියන්දෙක ඇතුලේ තමයි. අපිට ඕන කෝඩ් එක සිංහලෙන් කිව්වොත් කේත ටික ලියන්නේ. දැන් තේරුනාද කර්සරේ"{" "}" පියන් දෙක මැද්දට ගියේඇයි කියලා? මේ විදිහට tool box එකේ තියෙන tool ඩබල් ක්ලික් කරපුවාම ඒ ඒ ටුල් වලට යයිති කෝඩ් එක ඇතුලු කරන ස්ථානයට ලේසියෙන්ම යන්න පුලුවන්.

දැං ඔතන තියෙන "{" "}" පියන් දෙකෙන් එකක් මම delete කරනවා. එතකොට පහල තියෙන error box එකට මේ කොඩ් එකේ වැරුද්ද ක්ෂනිකව අහුවෙනවා පේනවා නේද?. මේ විදිහට error box අපිට වරදින තැන් වලදී ඒබව කියලාදෙනවා. කොතන කොයිපේලියේ තියෙන error කියලා ත් කියනවා. ඒක කොච්චර දෙයක්ද නේද?

දැන් මේ "}" පියන retype කලාම error eka නැතිවෙනවා.



දැන් c# එක ගැන ටික් තේරුමක් ආවා නම් අපි බට්න් එකට කෝඩ් එක ඇතුලු කරමු.දැන් මම අර කොඩ් එක දාන්න කියපු තැනට ඒකියන්නේ බට්න් එක ඩබල් ක්ලික් කරලා එන තැනට මෙහෙම දාන්න.

MessageBox.Show("වැඩේ හරි"); 
"වැඩේ හරි" කියන තැනට ඔයා කැමති දෙයක් දාන්න.

දැන් වැඩේ ඉවරයි. හරිද වැඩද කියලා පරික්ෂාකරන්න ඔයාගේ ටුල් බාර් වල start debug කියන බොත්තම ඔබන්න.

එහෙම ටුල් බාර් එකක් නැත්නම් 

menubar>debug>start debug දෙන්න . එහෙමත් නැත්නම් F5 බොත්තම ඔබන්න.

දැන් ඔයාගේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙතන දී අපි කේත ලියපු විදිහට elazz බට්න් එක ක්ලික් කළාම.  වැඩේ හරi මැසේජ් එක පේන්න ඕන පහල විදිහට.

My Documents\Visual Studio 2010\Projects කියන තැන මේ පොජෙක්ට් එක ඇති මේ ගොනුව වෙනත් පරිගකයක උවත් ක්‍රියාත්මක කරන්න පුලුවන්.
මෙතනින් මම හදපු project එක බාගන්න


දැන් ඔයා යාලුවෙකුට එහෙම මේවයින් පොජෙක්ක්ට් උඩ විදි හට දුන්නොත් යාලුවට පුලුවන් ඒ ගොනුවෙ තියෙන Microsoft Visual Studio Solution කියන ෆයිල් එකෙන් ආපහු සිෂාප් වලින් එඩිට් කරන්න පුලුවන් ඒකනිසා

My Documents\Visual Studio 2010\Projects\oona namak denna\oona namak denna\bin\Debug
 හරි
My Documents\Visual Studio 2010\Projects\oona namak denna\oona namak denna\obj\x86\Debug

 folder වල තියෙන ෆයිල් ටික දෙන එක තමා හොද

මම මේ පිළිබද වීඩියෝ පාඩමකුත් යුටියුබ් වෙතට එක්කළා.








Powered by Blogger.