භාග සුළු කිරීමේ ගණිතකර්ම වන (ව,න්,බෙ,ගු,ධ,රි ) භාවිතය පිළිබද මෙහි ඇතුලත් වේ.
භාග (Fractions)
භාගයක් යනු යම් සම්පූර්ණ ඒකකයකින් හෝ එකතුවකින් කොටසක් නිරූපණය කරන ගණිතමය සංකල්පයකි. භාග සංඛ්‍යාවක් ලිවීමේදී ඉරක් මගින් වෙන් කරන ලද ඉලක්කම් දෙකක් භාවිතා කරයි.
- ලවය (Numerator): ඉරට ඉහළින් ඇති අගයයි. මෙයින් නිරූපණය වන්නේ බෙදා වෙන් කරගත් කොටස්වලින් කීයක් අප සතුව තිබේද යන්නයි.
- හරය (Denominator): ඉරට පහළින් ඇති අගයයි. මෙයින් කියැවෙන්නේ අදාළ සම්පූර්ණ වස්තුව සමාන කොටස් කීයකට බෙදා ඇත්ද යන්නයි.
උදාහරණයක් ලෙස:
ඔබ කේක් ගෙඩියක් සමාන කැබලි 8කට කපා, ඉන් කැබලි 3ක් ඔබේ මිතුරෙකුට දුන්නේ යැයි සිතන්න. එවිට මිතුරාට ලැබුණු ප්‍රමාණය භාගයක් ලෙස 3/8 (අටෙන් තුන) වේ. එදිනෙදා ජීවිතයේදී දේවල් බෙදා ගැනීමේදී භාග ඉතා වැදගත් වේ.

No comments: